එකවිටම රියෙන් බැසගත් හැඩි දැඩි මිනිසුන් කිහිප දෙනෙකු විසින් අනුරාධව වටකර ගන්නා ලදී.
"උඹව තමා අපි හොය හොයා හිටියේ.. වරෙන් යන්න වල් බල්ලා.."
ඇසිපිය ගසන නිමේෂයෙන් අනුරාධව කුදලා වාහනයට දාගත් පිරිස පවනට බඳු වේගයකින් අවන්හල අසලින් ඈත් විය..
කිසිවක් සිතාගත නොහැකිව නිරුත්තර වු අනුරාධ මද වේලාවකට පසුව හිමින් සිය හඩ අවදි කරවීය.
"කවුද උඹලා මොකක්ද මේකේ තේරුම?"
"නවත්තපන් උඹේ චුරු චුරුව.අජියා ගනින් ඕක මෙන්න මෙහෙට..මේකාගේ කට වැඩී.."
එක්වරම සැර ගන්ධයක් නාසයට දැනී අනුරාධ මුහුණ පසෙකට හරවත්ම දැඩි හස්තයකින් මුවට ලං කල
ලේන්සුවෙන් මුලු ලොවම තමා වටා කැරකෙන්නාක් මෙන් අනුරාධට දැනුනි.
සිය පියාගේ වාහනය මිදුලේ නවතා තිබුනද කිසිදු කලබලයක් නොපෙන්වා නිවසට පැමිණි තමරී නිහඩවම තම කාමරය
දෙසට පිය නගන්නට විය.
තමරී..! ඔහොම ඉන්නවා... කොහේද මියා වගේ යන්නේ..?
සාලයේ අසුනකට බරවී සිටි විජේතුංග මංත්‍රීතුමාගේ හඩින් තමාරා ගැස්සි ගියේය.
"ආහ්.. අප්පච්චි මම දැක්කේ නෑ අප්පච්චි ඉන්නවා.."
"මට පේනවා උඹටත් මොලේ අමාරුවක් හැදීගෙන එන බව.. මෙහෙ එනවා.. ඔතනින් වාඩි වෙනවා."
"අ.. අප්පච්චි.. ?
"මොකද තාම අයන්න කියන්න ඉගෙන ගන්නවාද? මට ඇත්ත කියපන් අනුරාධව හම්බවෙලා නේද උබ දැන් ගෙදර ආවේ..?"
"නෑ .. නෑ අප්පච්චි.. මම මේ යාලුවෙක් හම්බවෙන්න කියලා ගියේ.."
මේ අහපන්, උඹේ යාළුවා කවුද කියලා මං දන්නවා..ඒවගේම උඹට ආයේ ඌව දකින්න ලැබෙන්නෙත් නෑ කියලා මතක තියාගනින්...
අනේ දෙවියනේ... මගේ අනුරාධ.., තමරී සිතින් වැලපෙන්නට විය.අද මම එයාව හම්බවෙන්න නොගියානම් එයාව අප්පච්චිට අහු වෙන්නේ නෑනේ..වරදකාරී හැගීමකින් යුතුව ඇය සිතීය.
මේ අතර ගමනාන්තය කරා ලඟාවූ මැර පිරිස කළු ජීප් රථයෙන් සිහිසුන් අනුරාධව තම රහස් තිප්පොල වෙත ඔසවාගෙන යන ලදී.
ක්‍රීං.... ක්‍රීං...
හලෝ..
සර් මම මේ අජියා කථා කරන්නේ.. වැඩේ තිතටම කලා සර්,දැන් මිනිහා අපේ පොට් එකේ ඉන්නවා..තව මොනවා හරි කරන්න දෙයක් තියෙනවාද?
හ්ම්ම්... නෑ නෑ. මම එන්නම්, ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා.
අදින් පස්සේ උඹ මගෙන නාහා එළියට බැස්සොත් එහෙම බලාගෙනයි... මංත්‍රීතුමා සිය කුරිරු දෑස් වෙතින් දියනිය දෙස බැල්මක් හෙලමින් පවසා වහා තම රථයට නැගී අජියාගේ තිප්පොල කරා පිටත් වෙන්නට විය.
ම්ම්.. ම්ම්ම්.. මම මේ කොහේද ඉන්නේ..?
හිසේ බරගතියකින් යුතුව අවදී වූ අනුරාධ සෙමෙන් සෙමෙන් තම දෑස් විවර කරමින් සිතන්නට විය.