මහත්තයා නෝනට ඔය අටමගල් උම්බලකඩ කෑල්ල දෙද්දිම ඒකේ ඔය නොම්බරේ දාලා තිබුනේ.නෝනගේ කලින් තිබ්බ ඕවැයින් එක නැති කරෙත් මහත්තයම තමයි.මම මහත්තයා හිතින් ගහපු පැලෑන ගැන නං දන්නේ නෑ.කොහොම උනත් නෝනා අර කොලුවට කියන්න පරෙස්සං වෙන්නයි කියලා.නෝනගේ අප්පා උනාය, බෝධිසත්තයා වගේ හිටිය ලොකු නොනටත් ආංබාං කරන්න බැරි වෙච්චි. . . අපි හැමෝම දන්නවා නෙව නෝනෙ මහත්තයගේ හැටි!
මම එහෙනං යන්නං!
නෝනේ පරෙස්සමෙන් ඉන්න.
…………
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ. . .
සෙටප් එක එබුව ගමනින් ඇගේ ප්‍රියතම ගීය මැදකින් වාදනය වෙමින් තිබුනේ කුමන අරුමයකටද යන්න නොහිත, හැමදාම මල් ගීත දෙන චැනලයටත් ඈ පිං දෙන්නට වූයේ. . .
මනස විඩාකාරී මොහොතේ අවශ්‍යම වූ සුවය ක්ෂණයෙන් ලබා දුන් නිසාවෙනි.තේකක් හදන්න කියලා කුස්සියට ගෑටුවද, පැකට් එකේ බලෙන් උණු වතුර ටික දුඹුරු පාට වෙන්නත් කලින් දුරකතනය නම් වූ මේ අවස්තාවේ ඇගේ ප්‍රානසම වස්තුව නාද වූ හෙයින් දිව ගියේ දෙගිඩියකිනි.
අප්පච්චි ද? අනූ ද?
අනූ. . . නැත; සිතින් අනූ බලාපොරොත්තු උනද ඇමතුවේ නිශාල් ය.නිශාල් යනු තමරිගේ පියාගේ දේශපාලන ගජයෙකු ගේ පුතෙකු වූ අතර, කුඩාකල සිටම ඔවුනොවුන් මිතුරන්ද විය.නිශාල කලෙක සිට විදෙස්ගතව හිඳ නැවත ලක්දිව ගොඩබැස ඇති අතර මෑත කාලයෙ සිට නිශාල් එන පොට හොඳ නැති බව තමරි ට වැටහී තිබිනි.
හෙලෝ නිශා
තමී. . . එනවකෝ ස්කයිප්!
ඔය දන්නවනේ මම තමී කියනවට කැමති නැති විත්තිය.ඒක මම කියන්න අවසර දෙන්නේ මේ ලෝකෙන් එක්කෙනෙක්ට විතරයි.
සමාවෙන්ඩ ඕනේ ලොකු මැඩම්.එහෙනං ස්කයිප් එනවද?
අද බෑ.මම ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ.මේ අස්සේ මගේ හිතට සැනසිල්ලක් නෑ.කරුණාකරලා මගෙන් අහන්නෙපා ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්ලීස්!
හරි.එහෙනං ඔයාගේ හිත හැදෙන්නත් එක්ක අපි හෙට යමුද කොහේහරි. මම එන්නං එක්කන් යන්න.
ඔයාට පිස්සුද නිශාල්.
කේන්තියට කෝල් එන්ඩ් බොත්තම වැඩිපුරත් වෙලා ඔබලා කතාව විසන්ධි කරපු තමරී කල්පනා කරේ තමුන් කටින් දේවල් කියවුනා වැඩි දෝ කියලා.නිශාලුත් හොඳ මනුස්සයෙක් නෙමෙයි.අනූ ගැන දැනගත්තොත් මොනවැයින් මොනවා වේවිද? තමරී ට වැඩිවෙලා මේ විදිහට කල්පනා කරන්න හම්බුනේ නෑ.අනූ කියන වචනේ සිහියට ආපු ගමන් සිරිල් කියන කන්ටෑක්ට් එකට කෝල් වෙලත් ඉවරයි.අනෙක් පස ප්‍රතිචාරයක් නැති බව දැනගත් හෙයින් ඇගේ හිතට සහනයක් දැනුනේ අනුරාධ තමාගේ කීමට දුරකතනය ක්‍රියාවිරහිත කරනට ඇති බව සිහිවීමෙනි.ආපහු සෝපාව ඇතුලේ ගුලි වෙච්ච ඇයට ජිනදාසගේ කතාවේ අමුත්තක් ඇති බව තෙරුනි.මේ මනුස්සයා මට මොනවත් හංගනවද?
ඒ රහස තමං ගැනමද? තමන්ට තමුනුත් විශ්වාස නැති ලෝකෙක එසේද විය හැකි බැව් ඈට වැටහුනි.තමා නොවේනම් තමාගෙන් හිස් වන සැක කුලකය පුරවන්නට කවුරුන්ද. . .
අප්පච්චී, අනූ, සිරිල්, නිශාල්, එහෙමත් නැත්තං නිශාල්ගේ තාත්තා වෙච්චි ධම්මික අන්කල්.
හිත බර වැඩි කමටද, සෝපාව සැප වඩි කමටද තමරී දෙමළ කොල්ලා හිතේ මවාගෙන දෑස් පියාගත්තේය.
අමුතු කතාවේ 14 කොටස ලිව්වේ
මුචලින්ද
http://muchalindha.blogspot.com
14 කොටස දින දෙකක් පමා උනාට සමාවෙන්න..! 15 කොටස ලියන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් පහතින් කොමෙන්ටුවක් දමා යන්න..!
ReplyDeleteඅම්බෝ... කමෙන්ටුව නම් දැම්මේ ඊගාව කොටහ ලියන්න නෙමේ..
ReplyDeleteමුචාගේ ලියවිල්ල පට්ට කියන වචනේ කියලා යන්න.
:D
http://blog.anuradhapurazone.info/ එන්න අපේ බ්ලොග් කියවනයට
ReplyDeleteසිරා සිරා... මරු මරු....
ReplyDelete