Wednesday, July 28, 2010

අමුතුකතාවක් 16 කොටස

“වරෙන් යන්න,” ඒ ලයනල් ගෙ ගෝරනාඩුව...

“කොහෙ යන්නද බං ?”

“ඒ ඔක්කොම උඹට කිය කිය මෙතන ඉන්න බෑ.. වරෙන් යන්න..අර යකාගෙ මිනිස්සු උඹ පස්සෙ පන්නනව.. උන් මෙතෙන්ට කඩා වැදෙන්න ඉස්සෙල්ල යමං,”

ඇමතුම විසන්ධි වෙලා තිබුණෙ නැති නිසා තමරිත් ඒ ඔක්කොම අහගෙන හිටියෙ...
මෙහොතකට කලින් මුණ ගැහෙන්න ඕනෙ වෙලා තිබුන උවමනාව තමරිට අමතක වුණෙ ඒක ඇහුන ගමන්...

තමරිගෙ ඉල්ලීම වුණෙත් අනුරාධට ලයනල් එක්ක යන්න කියල...
අන්තිමට ඇඳුම් කෑලි දෙකතුනත් අරගෙන අනුරාධට ලයනල් එක්ක යන්න සිද්ද වුණා...
ලයනල් ආව පරණ මෝට සයිකලේ පහල තාප්පෙකට හේත්තු කරල තිබුණ... ඒකෙ පිහිටෙන් දෙන්න එතනින් ගැලවිලා ගිය නිසා එදාටත් අනුරාධ බේරුණා...
අනුරාධ ලයනල් එක්ක ගිහින් පැයක්වත් ගියේ නෑ මංත්‍රීතුමාගෙ මැරයො එතෙන්ට කඩා වදින්න... ඉස්සරින්ද රෑ සෝමෙ අය්යගෙ නෑදෑයො හොයන්න අනුරාධ අවුස්සල දාපු ට්‍රන්ක පෙට්ටිය, එලියෙ දාල තිබුණ පොඩි පොත අනුරාධ මේ රහස් දැනගත්ත බවට දෙස් දුන්න…
හොඳට හරි නරකට හරි කතා කර කර හිටපු දුරකථනය අනුරාධ කලබලෙන්ම ඇඳුම් කෑලි ටික තිබුණ මල්ලට දාගෙන ගිහින් තිබුණ නිසා තමරියි අනුරාධයි ආපහු හම්බුන බවයි කතා කරපු බවයි නම් රහසක් විදියට ඉතිරි වුණා...

සෝමෙ අය්යට මොනව වුණාද, ලයනල් මේ දේවල් දැනගත්තෙ කොහොමද වගෙ දහසක් ප්‍රශ්න හිත ඇතුලෙ පොර කෑවත් ඒ එකක්වත් අහන්න හොයන්න වෙලාව නෙවෙයි මේ... තැනින් තැනින් හැරි හැරි අතුරුපාරවල් දිගේ ගිය සයිකලෙ නැවතුනෙ පොඩි කාමර කෑල්ලක් ඉස්සරහ...
ලයනල් ළඟ ගත කරපු කීප දවසෙදි කොච්චර ඇහුවත් මේ දේවල් එකකවත් සුල මුල හොයාගන්න බැරි වුණා,

“තමරි ගැන හොයන්න බලන්න යන්නෙ නැතිව උඹ උඹෙ පාඩුවෙ හිටපන්.. උඹ ඕනෙ නැති හැම රෙද්දට ම යන නිසා තමයි මේ කරදර ඔක්කොම… උඹ බූරුවෙක්ද උඹට ඒ ගෑණි  එක්ක පෑහෙන්න බෑ කියල නොතේරෙන්න...”

අහන්න හදන හැම වෙලාවෙම ලයනල් කිව්වෙ ඕක...

රස්සාව එතනින් ම ඉවරයි, ආපහු සයිවර් කඩේකවත් මොකක් හරි හොයාගන්න මහ පාරට වැ‍ටුනෙ වෙන කරන්න දෙයක් නැති නිසා, පුංචි කඩ කෑල්ලක කැශියර් වෙන්න හම්බුනා අන්තිමට… ලයනල් ට බරක් වෙන්නත් බැරිව හිටිය මම එතන නැවතිල ආපහු තනියම ඉන්න පටන් ගත්තත් අර ප්‍රශ්න ටික, සෝමෙ අය්ය මගෙ හිතෙන් අහකට ගියෙ නෑ…

වෙලාවකට තමරිට කෝල් කරන්න හිතෙනව... තව වෙලාවකට ඉස්පිරිතාලෙට යන්න හිතෙනව... ඉස්පිරිතාලෙට නම් ගියත් වැඩක් වෙන එකක් නෑ... සනීප වුණා නම් සෝමෙ අය්ය මංත්‍රීතුමා ගෙ මිනිස්සු ගෙනිහිල්ල ඇති…ඒත් සෝමෙ අය්යට සනීප වෙන්න ඇති ද...
සෝමෙ අය්ය ගැන හිත වද දෙන හින්දම තමයි දවසක් හැන්දෑවෙ ලයනල්ටවත් නොකිය ඉස්පිරිතාලෙට යන්න හිතුනෙ...

මගක් යනකොට හිතුණ එදා තමරි දුන්න නොම්මරේට කෝල් කරන්න...ඒක කොතනකවත් ලියා නොගත්තට අමතක වෙලා තිබුණෙ නෑ... සමහර විට තමරි මොනව හරි දන්නව ඇති... අතේ තිබුන දෙකේ කාසි කීපෙ දාල කෝල් එක ගත්ත,

සෝමෙ අය්ය ඉස්පිරිතාලෙන් අරගෙන ගිහින් තිබුණ, අසිහියෙන් කියවන සෝමෙ අය්යගෙ කටින් මංත්‍රීතුමා ගැන මොකුත් කියවෙයි කියල බයට වෙන්න ඇති... ඒ හින්ද ඉස්පිරිතාලෙට ගිහින් වැඩක් නෑ... සෝමෙ අය්ය කොහෙද ඉන්න මොකක්ද කරන්නෙ කියල දැනගන්න වෙන විදියකුත් නෑ...

තමරි ට ඕනෙ වෙලා තිබුණෙ මාව මුණ ගැහෙන්න...
තමරි එනකන් මම බස් නැවතුම ළඟ පාර අයිනෙ ඔහේ  බලාහිටිය...බලා ඉන්න අතරෙදි තමා මගේ සුලමුල හොයාගන්න මග පෑදුන ඒ අමුතුම සිද්දිය සිද්ද වුණේ...

මැදිවයස ඉක්මවල ගිය ගෑණු කෙනෙක් මගේ දිහා බලන් හිටිය.. හරිම විපරම් ඇහැකින්...  "අනුරාධ නෙදියවන්" මගෙ නම කොතන ගියත් ප්‍රශ්න ඇති කරන නිසාම මම මේ වගෙ දේවල්වලට කැමති නෑ... මේ ගෑණි මොකටද මගෙ දිහා බලන්නෙ... නිකන් කන්න වගේ... එතනින් මාරු වෙලා තව ටිකකින් ඇවිත් බලන්නම් කියල හිතාගෙන මම ටිකක් එහාට යන්න හදනකොට ම තමා ඒ මනුස්සය කතා කළේ...

"බස් එක පරක්කුයි වගේ නේද ළමයො, " කතාව පටන්ගන්න වෙන්න ඇති එහෙම ඇහුවෙ...

"හ්ම්ම්" මම උත්තර දුන්නෙ නොසැලකිල්ලෙන්...

"මට මේ ඔය ළමයව දැක පුරුද්දක් දැනුණ නිසා මම මේ බලාන උන්නෙ... ඔය ළමය කොහෙද හැබෑටම..."


අමුතු කතාවේ 16 කොටස ලිව්වේ
චේජනා
http://chejanas.blogspot.com

7 comments:

  1. මීළඟ කොටස ලියන්න කවුරුන් හෝ කෙනෙක් කැමතිනම් කරුණාකර ඒ බව කියා කොමෙන්ටුවක් දමායන්න..!
    ජය..!

    ReplyDelete
  2. රායි ඇට මැස්සා උඹ ලියපං එහෙනම් ලියලා මට හරි ලිෂාට හරි එවපං.. ලිෂා ඊලඟ එක ඇට මැස්සට දෙමුද.. ඇට මැස්සා ගෘප් මේල් එකට ජොයින් වෙන්න

    ReplyDelete
  3. ස්තූතියි ආගන්තුකයා. මට අද දවස දෙන්න.

    ReplyDelete
  4. මලේ, මට තාම උඹල දෙන්නගෙන් එකෙක්ගෙවත් ඊමේල් ලැබුනෙ නෑ. මං පණිවිඩයක් තියල ඈති ගූග්ල් මේල් එකේ.

    ReplyDelete
  5. හරි එහෙනම් මේකට එවන්න..!
    lishwebber{at}gmail{dot}com..!
    සමාවෙයං සහෝ උත්තර ලියන්න පරක්කු උනාට.

    ReplyDelete