ඈතට යන රුව එකවරම නැවතිණ. ඒ පාර මාරුවීම සඳහා බව අනුමාන කරන්න ට මට වැඩිවෙලා ගියේ නැත. මේ රුව පාර මාරුවෙන්නේ එහා පැත්තේ තිබෙන රථයට නැඟීම ට බව ඉවෙන් මෙන් දැනුන නිසා මම පාර වම් පැත්තට ඒ රුව ඈත දීම පැනගතිමි.
පපුව ගැහෙන සද්දෙ ට හදවත් කැඩී විසිවෙන තරමට වේගවත් වුව.., මගේ අවිදුර දෘෂ්ටික බව නිසා මට රුව ළඟ ට ම යාමට අවැසි විය.
බෝට්නෙක් ටීෂර්ට්ටුවත්, ත්‍රී ක්වාටර් ඩෙනිමත් මට ගෙන ආවේ සුපුරුදු බවකි. එයට ගූචි කොලොන් සුවඳ ද එකතැන්වූ විට මැවෙන්නේ මට ස්වර්ගයක් වූ ඇයව ය.
ත..තමරී...?
කාරයේ දොරට යතුර ඔබන්නට උත්සාහ කරමින් සිටි ඇය මා දෙස බලා සිටියේ ගල් ගැසී ය.
දෙයියනේ ඔයා...?
තරුණියට වදන් ගලපා ගන්නට ද අමාරු ය. දෙවුලොවින් බට දෙව්ලියක බඳු ඈ මිහිපිට පෙරේතයෙකු වැනි වූ මාව අඳුනා ගන්නට වැඩිවෙලා ගියේ නැත.
දෙයියනේ අනූ ඔයා..? ඔයාට මොකද උනේ දරුවෝ..? ඇයි මාව දාලා ගියේ.., මම මොනතරං ඔයාව හෙව්වද? මම කීපාරක් ගුණසේන එකට මෙහෙ ඉඳන් ගියාද ඔයාව හොයන්න...? ඇයි මාව මේ විදියට මඟ අරින්නේ..?
මාව ඔයාට එපාවෙලාද අනූ ?
මෙතුවක් කාලයට මට වූ දේ වැකි දෙකකින් කිවිය හැකි වුවත් මට මේ දෙව්ලියව තවත් මනසින් වට්ටන්නට මේ වේලාවේ දී උවමනාවක් ඇත්තේම නැත.
ඔයා මේ රෑ කොහෙද යන්නේ..?
මගේ යාලුවෙක් ගේ අක්කගේ වෙඩින් එක..; මම ඒකට ආව උදව් වෙන්න.
මේ රෑ කොහෙද යන්නේ දැං..?
මගේ අපාර්ට්මන්ට් එක ට.
ඒ කියන්නේ ඔයා...?
ඔවු මම දැං ඉන්නේ තනියම.., මට දැං ඉන්නේ මම විතරයි. තාත්තා ගේ ජීවිතේ දේශපාලනේ. මං ගාව හිටියේ අම්මා විත්තිය ඔයා දන්නවා නේ..?
මට අමතක වෙන්න විදියක් ඇත්තේ ම නැත. එක දුරුතු මසකදී ගුණසේන එකෙදී මට ඈව හමු වූයේ ඈ මව හා සිටියදී ය. මවද ඈ මෙන් ම කරුණාබර කතකි.
කොහොමද දැන් අම්මට..?
මම ඇසීමි. ඇය හැරුනුවිට මා වඩාත් ආලය කරන ගරුකරන අයෙකු ගැන මට අසන්නට ඇත්තේ එපමණකි.
අම්ම අන්තරා උනා අනුරාධ. ඒකයි මට මෙහෙම උනේ.., ඒකයි මම තනියම ඉන්නේ..!
ජීවන අංකුරයක ට ඒ මව්වත් වෘක්ෂයේ පහස නැති වී ගිය විට ඇතිවනා දොම්නස දැන නොගන්නට මම මෘගයෙකු තත්ත්වය ට පත්වී නැත්තේ මම ද මේ වැනිම හේතු කාරකයකට මුහුණ දී ඇති නිසාවෙනි.
මට සමාවෙන්න තමී.., මම කවදාවත් හිතුවේ නෑ අම්මා මේ තරං ඉකමනට ඔයාව දාලා යයි කියලා..
ඒක දිගකතාවක් අනුරාධ.., කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා කියන්න බැරිතරම් පැටලිච්ච.
ඈ හිස් අහස දෙස බලාන අනිමිස ලෝචනයේ ය.
හරි මේ අහන්න තමී.., දැන් යන්න ඔයා ඉන්න අපාර්ට්මන්ට් එකට.
මට යන්න හදිස්සියක් නෑ අනූ.., අනික මම දැන් ස්වාධීන කෙල්ලෙක් නිසා මට මම කැමති වෙලාවක කැමති තැනක යන්න ඉඩ තියෙනවා.
තවදෙයක්...,
මොකද්ද..?
මම ඔයාව මේ සැරේ හමුවුනේ ආයිත් ඈත්වෙන්න බලාගෙන නෙවී. තේරුනාද? මේ මගේ නොම්මරේ ..,
ඈ පෑනක් ගෙන මගේ අතේ නොම්මරය ලිව්වාය.
මේක පරිස්සම් ඇති තැනක ලියල තියා ගන්න.., තේරුනාද?
පෙම්වත් කතාවක ට හිත නවන්නට හද පෙරමඟ බැලුවත් විජේතුංග මංත්‍රීතුමා තම දියණියගේ අනාගත අභිවෘධිය තකා මා හා එතුමා අතර වූ පොරොන්දුව නිසා, මා සිටින්නේ දෙලොවක් අතරය.
තම දියණියගේ ආදර සබඳතාව ගණිකා වෘත්තියේ යොදවා තම දේශපාලන ලොව ඉලක්ක ජයග්‍රහනය කරන්න ට වෙරදරන පියෙකු ගැන අසා ඇත්තේ මොන ලොවේද?
එහෙත් මේ ගතවන විනාඩියෙත් මේ සිරි සද්ධර්මද්වීපය තුල එක නිවෙසක වෙමින් පවතින්නේ ද මේ ඛේදවාචකය ම ය.
මොනවද ඔයා කල්පනා කරන්නේ අනූ..?
තමරී මා උරහිසට අත තබා කියත්ම ඇගේ රථයට මුහුණලා නැවතූ කොරොල්ලා මෝටර් රථයේ දොර තුලින් වීදුරුව පහත් වී එලියට ආවේ තරබාරු හිසකි..
අනුරාධ මල්ලී….., මොකද ඔතන කරන්නේ..ආ?
කවුද ඔය ඉන්නේ.?
යුවතිය අසුරුසැනින් හැරී බැලූවිට දුටු දෙයින් තැති ගෙන මා අත අල්ලාගත්තේ නොදැනුවත්ව ම ය.
දෙයියනේ......?
අමුතු කතාවේ 7 කොටස ලිව්වේ
පිස්සා
http://pissa-pissublog.blogspot.com
හප්පොච්චියේ අනුරාධයත් අල්ලං තියෙන්නේ, අල්ලන්න පුළුවන් අත්තක්ද? තමුන්ගේ තරමටද මුගේ වැඩ???
ReplyDeletepls remove WV..
@ කැළුම්- ඇයි අනුරාධ වත්තේ ලැයිමක දුප්පත් කොල්ලෙක් හින්දාද ඔහොම නිකං අමුතු විදියට ඇහුවේ? අහලා නැද්ද 'නොහැක්කක් නොමැත්තේමය' කියලා.. හෙ හේ.. ස්තූතියි කමෙන්ට් එකට,මිත්‍රයා..
ReplyDeleteපිස්සාට මේ වගේ කතා ලියන්නත් පුළුවන් බව දන්නේ අදයි..
ReplyDeleteනරකද ඔහෙ ඉන්න ගමන් නවකතාවක් වගේ ලියන්න පටන් ගත්තොත් ;-)
මේ අමුතු කතාව ආපහු මුලන් ඉදන් කියෙව්වා..මොකක් නිසද මන්දා මේ බ්ලොග් එක මට මග ඇරිලා තිබුනේ ..
@ LG- මම නව කතාවක් ලියන්න ගත්තොත්, ලිශාන්වත් මෙහේට එක්කන් එන්න වෙනවා.. මොකද ඌ තමා මේකේ තුන්කාලක්ම දේවල් ගලපලා තියෙන්නේ.. හෙ හේ..
ReplyDeleteකොහොම උනත් ඔයා දන්නවනේ, දුකාලාට වගේ මට පැණි කතා ලියන්න බෑ කියලා.. මම ලිව්වාට පැණි බේරෙන්නේ නෑනේ..
ස්තූතියි කමෙන්ට් එකට..
@ පිස්සා : ඔය හොඳට ලියල තියෙන්නෙ...
ReplyDeleteතව ඉස්සරහට කතාව කොහොම කැරකෙයිද දන්නෙ නෑ.. :)
@ indik- ඔන්න ඉතිං බොරු කියන්න පටන් අරන් .. ඒක නෙමෙයි කොටසක් ඔයාත් ලියන්නකෝ.. ඔයාත් ඉතිං පැණි හැලියක් නේ... හෙ හේ..
ReplyDeleteඊලඟ ට මොනවා වෙයිද කියලා දෙයියෝම තමයි දන්නේ,, ස්තූතියි කමෙන්ට් එකට මලයෝ..
පිස්සා, ඒක ඇත්ත. ලිෂාන්ගේ මුලිකත්වයෙන් කතාවේ පදනමින් දැන් වෙනතුරු කුතුහලය එක්ක තියෙන්නේ.
ReplyDeleteපිස්සා හොඳට කතාවට තවත් ක්‍රේන්ද්‍රීය ගත වුණ කොටසක් දීලා තියෙනවා! සුභ පැතුම්!!!
කවුද එතකොට 8වෙනි ඒක ලියන්නේ???
අමුතු කතාවේ 8 වෙනි කොටස ලියන්න කැමති කෙනෙක් ඉන්නවානම් ඒබව අත උස්සලා පහලින් කොමෙන්ටුවක් දමලා යන්න.පිස්සා කරපු යෝජනාවක ට අනුව අපි උත්සාහ කරන්නේ කොහොමත් සතියකට එක කොටසක් වත් අඩුම තරමින් පළකරන්න.
ReplyDeleteඑනිසා ලියනු රිසියෝ ඒ බව වදාරා කොමෙන්ටු දමා යත්වා.
ජය!
මචංලා මම කැමතියි 8වෙනි එක ලියන්න..මටත් චාන්ස් එකක් දෙනවද?
ReplyDeleteමධ්‍යම පාන්තිකයා..
@ බිංකු මල්ලී- ඒක ඇත්ත.. ලිෂාන්ගේ තියෙන හොද ගතිගුණ ගැන කියන්න වචන නෑ.. එයා ඉතිං මෑත කාලයේ පහලවුනු, 'හෙළ පඩිරුවනක්' නේ.. හෙ හේ.. ස්තූතියි බිංකු මල්ලී කමෙන්ටුවට..
ReplyDelete@ ලිෂාන්- ඔව් ඔව්.. සතියකට එක කොටසක් දාන්නම ඕනේ.. නැත්නම් කට්ටියට මේක එපා වෙනවා..
@ මධ්‍යම පාන්තිකයා- මේක නිර්ධන පංතිය සහ සුපිරි පංතියේ කතාවක් විදියටනේ තිබ්බේ. හරී චෝයී, මධ්‍යම පංතියේ කෙනෙකුත් සෙට් වුනාම... හෙ හේ..
මං මේ ඊයේ හවස කල්පනා කරා පිස්සා කතාව ලියනවා කිව්වට තාම නොලියා මොන පිස්සුවක් නටනවද කියලා.. බැලිනම් මූ ලියලා දාලත් ඉවරනේ.. මම නේ ඇවිත් නැත්තේ
ReplyDelete@ malee- අපි එහෙම තමයි නංගී.. යථාවාදී තථාකාරී..
ReplyDeleteඋඹේ කම්පියුටරේ හදා ගත්තේ නැද්ද බං තාම.. කමක් නෑ, එහෙම හරි මාව මතක් උනානම්..
mmmm love it
ReplyDelete@ buru- ස්තූතියි බුරු..
ReplyDeleteමට අමතක උනු කෙනෙක් ඉන්නවා ස්තූති කරන්න මේ කතාවේ..
අපේ සදුන් සහෝදරයාට විශේෂ ස්තූතියක් කරන්නම ඕනේ, මේ වගේ අමුතු කතාවක් ලියන්න කට්ටියව අභිප්‍රේරණය කරාට..
ඒත් මට එක දුකක් තියෙනවා, මේක හැමෝන්ම එකතු වෙලා ලියනවා නම් හැමෝම එකාවගේ මේකට සපෝට් එකක් දෙන්න ඕනේ.. අඩුම තරමින් කමෙන්ට් එකක් දාලා වත්..
මොකද මේ කතාව කොහොම ගලාගෙන යයිද කියලා කුතුහලයක් තියෙන නිසා...
ඒත් නිකං මහා කම්මැලි කමටනේ මේක ගලන්නේ....
@"මධ්‍යම පාන්තිකයා":
ReplyDeleteමේ වෙනකොටත් අපිට 8වෙනි කොටස ලැබිලා ඉවරයි ඒ අපේ ආගන්තුකයා ගෙන්. අපි ඔබව ඉක්මනින්ම මේ කතාවට සම්බන්ධ කරගන්නවා. ස්තූතියි සහයෝගය ට. රැඳී ඉන්න අමුතු කතාවත් එක්ක. :)
අනේ මංදා මේ පිස්ස කොහේවත් ඉන්න අහිංසක මාවත් ගාගෙන "දුකාට වගේ පැනි කතා ලියනන් බෑ" කියලා . .
ReplyDeleteමොන . . ඔය ලියල තියෙනෙන යස අපූරුවට . . . ඔන්න ඔහුම ම තමයි පැනි කතා ලියන්නෙත් . . .හික් හික් . ..
මොනා වුනත් පිස්සත් එසේ මෙසේ පොරක් නෙමෙයි බලාගෙන ගියාම . .. එල එල . .මාත් මේකේ කොටසක් ලියන්න හිටියේ ඒත් දැන් නම් පේන තෙක් මානෙක නෑ ඒකට වෙලාවක් හොයා ගන්න නම් . . .
@ දුකා- හි හි.... ඔහොමද පැණි කතා ලියන්න දන්න කෙනෙක් නම් ලියන්නේ?? එහෙනම් තමාරිගේ මූණ දිහා බලාගෙන, අනුරාධ පොඩ්ඩක් අනිමිස ලෝචනේ යෙදෙන හැටිවත් ලියන්න තිබ්බානේ.. අඩුම තරමින් අතකින් වත් ඇල්ලුවේ නැතුවනේ මුළු කොටසම ගලා ගෙන ගියේ...
ReplyDeleteකොයි තරම් පාරිශුද්ධ හැගීමක්ද තිබ්බේ අප්පා...
හරි අපි බලාගෙන ඉන්නවා දුකාත් කතාවේ කොටසක් ලියනකල්...
ස්තූතියි කමෙන්ටුවට..
This comment has been removed by the author.
ReplyDelete