Tuesday, January 19, 2010

අමුතු කතාව 8 කොටස

"මම බයවුන තරමක්"

"සිවා මොකද බං මේ මහ රෑ.."

මම ඇහුවෙ සිවා බයකරපු බය කිරිල්ලට තාම පපුව ඩිග් ඩිග් ගාන එක දැන් නැවතෙයි දැන් නැවතෙයි කියල හිතන ගමන්..

"මචං හදිසියක්.. මේ අටම‍ගලෙ තව කිලෝමීටරයක් යන්න ඩීසල් නෑ.."
"ඉතිං.."

"බලපංකො ඇතුල.."

"හත්දෙයියනේ සෝමෙ අයියෙ මේ මොකද වුනේ"

"උඹ මහ පුදුම බූරුවෙක්නෙ සිවො.. මේ ජල්බරි අස්සෙද උඹ අර ‍ගොන් ආතල් එක ගත්තෙ"


අන්තිමට මම සිවා එක්ක එතෙක් තිබුන තරහා පිටකරගත්තෙමි..

නලලින් පටන්‍ ගෙන මුළු මුහුණ පුරාම ලේ දහරා ඇඳී තිබූ සෝමෙ අයියාගේ ඇස කරාද ලේ පාරක් පැමිණ තිබුනි. මල්ෂිගේ රෝස පැහැති කුඩා ලේන්සුව සෝමෙ අයියාගේ තට්ටය හා නලල පුරා දිවගියේ එය රෝස පැහැ තිත් වැටුණ රතුපාට ලේන්සුවක් බවට පත්කරමිනි.

"බයික් එකක හැප්පිලා පාරෙ ඔළුව වැදුනා. ඌ බීලා හිටියෙ පොලීසියට අහුවුනානම් අම්බානක චාටර් වෙන හින්දා මම ඌට යන්න ඇරියා"

සෝමෙ අයියා වේදනාව මැදින් කෙඳිරි ගෑවේය.

"නගින්න කාර් එකට යං හොස්පිටල්"

   
.........................................................................

සෝමෙ අයියාට නින්ද ගොස් තිබූ නිසා මල්ෂී රෑ දෙගොඩහරියට පෙර පිටත් කර හැර මම බිත්තියට හේත්තු වූ පසු මම මගේ අතීතයට ඇදීගියේ අතහැරල දාපු පින්තූරයක් ආයි දූවිලි ගසල දාලා මගේ ඉදිරියේ මතුවුන නිසා වෙන්න ඇති.
ගුණසේන එකේ වැඩට ආපු දවසෙ ඉඳන් මේ වෙනකම් මගේ ජීවිතයේ සිද්ද වුන දේවල් එකින් එක ස්මරණය වෙන්න ගත්තෙ ඇතුලෙ නිදියගෙන ඉන්න සෝමෙ අයියත් ඇයත් ඒ හැම සිද්ධියකම පිටිපස්සෙ සිටින නිසා නෙමෙයි කියන්න තරම් ආත්මාරථකාමීත්වයක් මට තිබුනෙ නෑ.

පොත්හලේ ප්‍රධානියා සෑම් සර්ට මගේ නමටත් ජාතියටත් වඩා ‍මගේ වැඩකිරීමේ හැකියාව වැදගත් වුන හින්ද ඊට ‍පස්සෙ දවසෙ ඉඳන් මම ගුණසේන පොත්හලේ සහයකයෙක් විදිහට වැඩ කරන්න ගත්තා. පලවෙනි රැය පොත් වල තීන්ත, කඩදාසි සුවඳ එක්ක ගෙවිලා ගියාට පස්සෙ දෙවනි දවසෙ ඉඳන් මගේ ජීවිතයට එකපාරටම ක‍ඩාපාත්වුන සෝමෙ අයියගෙ බංගලාව වුන ස්ටෝරුව වත්තෙ පහේ පේළියෙ තුන්වන ලෑලි ගෙදර මගේ වාසභවන වුනා.

"උඹ අනුරාධ කිව්ව නේද"

"ඔව් සෝමෙ අයියෙ"

"අනුරාධ අනිත් න‍ම"

"නදියවරන් සෝමෙ අයියෙ"

යකෝ හැම වචනෙම අන්තිමට සෝමෙ අයියෙ.. සෝමෙ අයියෙ.. කියල උඹ ම‍ට මගේ නමත් එපාකරවන්නද හදන්නෙ.

"හරි සෝමෙ අ....."

"‍අවුලක් නෑ ඕනි මගුලක් කියපං කොහොමත් ඕක මම දාගත්ත නමක් නෙමෙයිනෙ මටත් ඔය නම පේන්න බෑ කොහොමත් අදාල වෙන්නෙ මල මගුල් ජාතියවත්, ආගමවත්, නමවත් නෙමෙයිනෙ.. ඉතිං නදිය‍වරන් කිව්වෙ උඹ දෙමලද"

"එහෙමත්ම නෑ"

"එහෙනං"

මම මගේ අමිහිරි ජීවන තනුව සෝමෙ අයියා ලඟ වාදනය කිරීම ඇරඹීය. සෝමෙ අයියාට මම ගැන දුකක් ඇතිවීද අනුකම්පාවක් ඇතිවීද යන්න මට අදටත් තේරුම් නොයාමට තරම් සෝමෙ අයියාගේ හැඟීම් ප්‍රකාශනය සංකීර්ණය. කෙසේ නමුත් මම එදා සිට සෝමෙ අයියාගේ බංගලාවේ කාමරයකට අයිතිවාසිකම් දරමි.

ජීවිතය රතුපාටද, කොලපාටද, කියල මට එකපාරටම කියන්න බැරිවුනත් කළුපාට ජීවිතයක් කොයිවගේද කියල මම දැනගෙන හිටියා. ඉඳහිට කඩේට එන සුන්දරියක් පෙන්වා "පට්ටයි නේද බං" කියල සෝමෙ අයිය මාව කෙනිත්තුවත් ආදරයක බරක් ඔළුව උඩ තියාගන්න තරම් මගේ කශේරුකාව හයිවෙලා තිබුනෙ නෑ.. අහම්බෙන් හතර පස් වතාවක් එකම රුවක් නෙත ගැටුනත් හිත ඇතුලෙ ආදරය කියන් හිස් ටින් එකේ පියන වහගෙන හිටපු හින්ද මම ඒක එහෙමම ලොප් කරගත්තා..

"අයින් වෙන්ඩෝ... අයින් වෙන්ඩෝ..."

ඇඳක් තල්ලුකරගෙන මාව පහුකරගෙන යන ඇටෙන්ඩන්ලා දෙදෙනාගේ කෑගැසීමෙන් දැහැනෙන් මිදුන මම කම්මැලි කමට එලියට බැස්සෙ හුලං පාරක් වදින්නත් එක්ක.
තාම ගලවල දාන්න බැරිවුන ජාතික කොඩියක් රෝහල් ගේට්ටු කණුවේ ලෙලදෙනවා.

සෝමෙ අයිය එක දවසක් කියපු කතාවක් මට මතක් වුනා.

"ඔය සිංහයා කඩුවෙන් බෙල්ල කපාගෙන මැරිච්ච එකෙක්. ඔය වටේටම තියෙන්නෙ සිංහයගෙන් ගලන කුණු ලේ ඔය ලේ ටික උතුරලා දවසක බෝ කොළ හතරත් යටකරගෙන වාන් දානව බං"

සෝමෙ අයියත් මාර පොරක්...

මට එහෙම හිතුනා

‍‍රෝහල ඉදිරිපිට අරලිය ගස යට බංකුවේ වාඩ්වුන මට මෙච්චර වෙලා කුයිල ගඳේ පෙනහළුවල ඇතුලෙ හිරවෙලා තිබුන හුස්ම ටික පිටකරලා දැම්මා. ඈත ගර්භනී මවක් වත්තන් කරගෙන ඇගේ සැම්යා ත්‍රීවිලයකින් බිමට බසියි. වේදනාව මැදින් වුවද ඇගේ මුහුනේ මදහසක් රැඳී ඇත.

අම්මත් මම ඉපදෙන කොට මෙහෙම එන්න ඇති.

මම නැවතත් අතීතයට එබුනා..

අමුතු කතාවේ 8 කොටස ලිව්වේ
ආගන්තුකයා

http://www.ambarox.blogspot.com
http://www.ecolama.blogspot.com
http://pothrakke.blogspot.com

 

20 comments:

  1. සතියකට එක කොටසක් පළ කරන්න ගත්තු උත්සහයට පිළිතුරක් විදියට අපේ ආගන්තුකයා 8වෙනි කොටස ලියලා එව්වා.
    රෑ 11න් පසු බ්ලොගේ ලියන ලියන අපේ හිතවත් "මධ්‍යම පාන්තිකයා" ව ඉක්මනින්ම මේ කතාවට සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබේ ඊමේල් ලිපිනය ලබා දෙන්න පුලුවන්නම් අපිට ඒක ඔබව සම්බන්ධ කරගන්න ට පහසුවක් වේවි.

    රැඳී ඉන්න අමුතු කතාව එක්ක...,

    ජය!

    ReplyDelete
  2. එල එල ලිෂාන්,සඳුන්, මාවත් දාගත්තට උඹට ස්තූතිය..

    ReplyDelete
  3. කතාව සතියකට වරක් එන එක හොදයි.. සතු‍ටුයි ඒ ගැන!

    සිංහ කොඩියේ කතාව ! හ්ම්..සෝමෙ අයියා මාර පොරක්නේ ;-)

    ReplyDelete
  4. මරු මරු.. හරිම සතුටුයි වැඩේ මේ විදියට නැගල යන එක ගැන. කියවන අයට පොඩි පොඩි අවුල් තියෙන්න පුලුවන්. ඒක සාමාන්‍යයි. මොකද ලියන්නෙ එක්කෙනෙක් නෙමෙයිනෙ. නමුත් අපි උත්සහ කරමු මේ වැඩේ හරියට කරගෙන යන්න. මම අපේ ලිශාන්ට ගොඩක් ස්තූති කරනව මේ වැඩේ ඉදිරියට ගෙනියන්න දෙන අප්‍රමාණ සහයෝගයට. ජය!

    ReplyDelete
  5. @ ලිෂාන්-මම වැරැද්දක් කියනවා නෙමෙයි, ඒත් මධ්‍යම පංතිකයට අද කිව්වාට වැඩක් නෑ, ඊලඟ කොටස උඹ ලියන්න කියලා.. ඒක කියන්න ඕනේ කලිනුයි..
    ආගන්තුකයාට නිකමට හරි කියන්න තිබ්බානේ, මම කතාවේ 8 කොටස ලියනවා කියලා.. එතකොට ඌ උගේ ලියවිල්ල නවත්වයිනේ...

    මීට පස්සේ එහෙම කරන්න එපා... කලින් කියන්න.. ඒක හැමෝන්ගෙම ඇඟට ගුනයි..

    ReplyDelete
  6. @පිස්සා:
    කවුරු කොහොම කිව්වත් 8 වෙනි කොටස ලියන්න දෙනවා කියලා තීරණය කරලා තිබ්බේ ආගන්තුකයට තමා. මොකද කතාව ලියන කොට මම හා සඳුන් අපි දෙන්නාට ම කියලා තිබ්බා 8 කොටස ලියන්නේ ආගන්තුකයා කියලා.
    ඊළඟ කොටස ගැන කතා කරන්න තමා මම ඔහුගේ ඊමේල් ලිපිනය ඉල්ලුවේ. මොකද මේ කතාව පුරාම නිකම් කොමෙන්ටුවකින් විතරක් කියලා කතාවක් ලියන්න කියන සිරිතක් නෑ.

    මොකද ඒක මගේ දැනුමට අනුව ශිෂ්ඨ සම්පන්න නැති නිසා.

    ස්තූතියි මේ වගේ හොයා බලනවට

    ReplyDelete
  7. එල එල..මාව ටෙන්සන් එකෙන් බේරගත්තට ආගන්තුකයාට ස්තුතිවේවා..
    සමාවෙන්න ඕන..
    ඊයේ පොඩියට කටුසටහන් පාරක් ගහලා අද රෑ සම්පුර්ණකරලා ලීෂාන්ගේ හෝ නොදරුවාගේ ඊමේල් හොයාගෙන එවන්න කියලා හිටියේ..පොඩි පොඩි ටයිම්වල අන්තර්ජාලේ පැත්තෙ ආවාට වැඩිපුර වැඩක්කරන්න වෙලාව හොයාගන්න අමාරුයි..

    මධ්‍යම පාන්තිකයා කියනදේ කරන මිනිහෙක්.කතාව ලියන එක කර ඇරියේ නෑ හොදේ..
    පස්සෙ වෙලාවක ආපහු කොටසක් ලියමු..
    ජය!!

    ReplyDelete
  8. ඇත්තටම බොහොම ස්තූතියි මෙහෙම අවධානය දක්වනවට, නමුත් මට පැහැදිලි නෑ "පිස්සා" කියන්නෙ මොකක් ගැනද කියල. මොකද්ද පටලැවිල්ල. "එතකොට ඌ උගේ ලියවිල්ල නවත්වයිනේ..." කවුද මේ "ඌ"? මධ්‍යම පාන්තිකයාද? මම දන්න තරමින් 8 ලියන්න කියල එතුමාට කිව්වෙ නෑ. කොහොමත් ලිශාන් කිව්ව වගේ එහෙම කමෙන්ට් එකක් දාල ඊළඟට ලියන්න කෙනෙකුට ආරාධනා කරන මිසක් ලියන්න කියල බාර දෙන සිරිතක් නෑ. එහෙම හරි නෑනෙ. කවුරු හරි ලියන්න කැමතියි කියල දැනුම් දුන්නම ඒ පුද්ගලයට ඊමේල් කරල (මම හෝ ලිශාන්) තමයි ඒ පුද්ගලයා ලියනවද, ලියන්නෙ මොන කොටසද කියල කතා බහ කරල තීරණය කරන්නෙ. සමහර අය කලින්ම කියනව කොටසක් ලියන්න දෙන්න කියල. එහෙම කෙනෙක් තමයි ආගන්තුකයා. ඒකයි 8 එයා ලිව්වෙ. ඒ වගේම තව කෙනෙක් "නොතිව් තිත" ලියන සුසන්ත මූණමල්පෙ, එයත් කලින් කියල තිබ්බ කොටසක් ලියන්න කැමතියි කියල. නමුත් කාලෙකින් එයාව ඔන්ලයින් දැක්කෙ නෑ. ඉතින් තාම 9 කොටස කාට දෙනවද කියල තීරණය කරල නෑ. ඉතින් "පිස්සා"ට කොහෙද පැටලුනේ?

    ReplyDelete
  9. මේ කතාව දැනට අට දෙනෙකුගේ අතින් ලියවුනා වුනත් එක්කෙනෙක් ලිව්වා හා සමානව අපිට දනවන්න තරම් සූක්ශම විදිහට මෙතෙක් කතාව ලියවිලා තියෙනවා . . . ලියපු අය මුල් කෙනාගේ ශෛලිය ආරක්ෂා කරන්න උත්සාහ දරනවාද . . හැමදෙනාගෙම ශෛලෙයේ සමානකම් තියෙනවාද මොන මගුලක් නිසා මේකේ රිද්මය මෙතරම් හොඳින් ගලා යනවාද කියලා මට නම් හිතා ගන්න බෑ . . .

    ReplyDelete
  10. @ සදුන්- මම හිතුවේ ඊලඟ කොටස ලියනවා කියලා කමෙන්ට් එකක් දැම්මම ඇති කියලා.. ඒකයි අවුල.. මම කරේ එහෙමනේ.. (ඒත් ඉතිං ඔයාලා දැනගෙන හිටියානේ, මම ලියනවා කියලා)
    මම ලිෂාන්ට කතා කරා.. දැන් අපි දෙන්නා ශේප්.. වලි නෑ.. ඒක ඉවරයි..
    හිතේ තියං හිටියට, අපි දන්නවායැයි බොලා දෙන්නාගේ හිතේ තියෙන ඒවා... හිතේ තියං ඉන්නේ නැතුව කියාපං, ඊලඟ කොටස ලියන්නේ මෙන්න මූ කියලා... හෙ හේ..

    ReplyDelete
  11. මම ලියන්න හිටියෙ 9 ඒත් සඳුන් කියන කතාව නිසා තමයි මම ඒක ලියන්න තීරණය කලේ සඳුන් අපි මේකට දැන්වත් group එකක් හදමුද ලියන අයට ඒකට සෙට් වෙන්න කියමු.

    ReplyDelete
  12. දුකා ඒකට නම් හේතුව ලිෂාන් සඳුන් සුසංයෝගය තමා....

    ReplyDelete
  13. හරි ශෝක් මං පෙරේදා පිස්සා ලිව්ව කොටස කියෙව්වා.. අද ආගන්තුකයාගේ කොටස කියෙව්වා.. මෙහෙම හැමදාම ටක් ටක් ගාලා කියවන්න තියනවා නම් ශෝක්.. ඒ වුනා‍ට ඉතිං මං වගේ ඩයල් එකක් බාරගත්ත දවසට බඩු හරි... ඒ වුනාට දැනට කථාව යන පිළිවලට නම් මම හරි ආසයි..
    ලිශා ටයි සදුන්ටයි තමා ක්ලැප් එක යන්න ඕනි.. වෙන මහන්සියට..

    ReplyDelete
  14. ielannga kotasa liyannam kiyalaa mama baara gaththaa . . . hafoi . .. baye baha chandiyaa wage bara gattata ikmanata liyala iwara karanna puluwan weidho kiyalaa . . . parakku unoth oinna taraha wenawa ehema nemei kastiya . . .

    ReplyDelete
  15. ආගන්තුකයාගේ අදහස හොඳයි,Invitations only-Google Group එකක් පටන් ගනිමු.
    ඊළඟ කොටස් ලියන්න ආසාවෙන් ඉන්න අය කිව්වාම ඒ අයව දා ගන්නවා. කතාවක් පළ වුණාම ඒක ඉන්පසු කෑල්ල ලියන්නට ඒ ගෲප් ඒක ඇතුලේදී ලින කෙනා තීරණ කරන්න පුළුවන්. බැරි වෙලාවත් ගෲප් එකේ නැති කෙනෙක් ඉල්ලුම් කරොත් ඔහුට පසු කොටසක් ලියන්න ආරාධනා කරමින් ගෲප් ඒකට එකතු කිරිම හෝ අනිත් ගෲප් සාමාජිකයන්ගේ කැමැත්ත හෝ ලිෂාන් හෝ සඳුන් විසින් සලකා බලා පවරන්න පුළුවන්.

    මේක පොඩි අදහසක් විතරයි.

    දුකා,
    ඒකට කියන්නේ දම්වැල් සංයෝගය කියලා. ලිෂාන් විසින් වානේ වලින් මුල් කොටස හැදුවාට පස්සේ අනිත් අයම තම තම ශක්තියෙන් ඒ සංයුක්තයට ගැලපෙන කොටසක් හදලා අමුණනවා. ඒකයි!

    ඇත්තටම පුදුමයි කථාව ලියන අයගේ හැමකොටසක්ම පසුකොටස්වලට කෙලින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධ වෙලා තියෙද්දී.

    ReplyDelete
  16. මචන් අනුරාධ,
    මේ සෝමෙට කියපං උන්දෑගේ කතාව මරු කියලා. තාම මගේ ඔලුවේ කැරකෙනවා ඒක. අද ලන්කාවේ වෙන එව්වා දැක්කාම ඒකත් ඇත්ත තමා!

    ReplyDelete
  17. නියමෙට යනව. එළකිරි. ඔහොම යමු දිගටම....

    ReplyDelete
  18. ekmanata danda appa. ekamanata dageda dageda yanna

    ReplyDelete
  19. මේකනම් අමුතුම අමුතු කතාවක්. මේකෙ ලේඛකයො ටික මාර විදියට කතාව ගළපනවා. කියන්න වචන නෑ. ඔයාලගෙ අන්තර් සම්බන්ධතාවය ඉහළයි. telepathy තියනවද මන්දා. ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න....

    ReplyDelete