Tuesday, May 4, 2010

අමුතු කතාවක් 13 කොටස

කොට්ටය යට තිබූ දුරකතනය නැවතත් නිම්නාද විය….

ආයෙමත් කව්ද? අනුරාධ කල්පන කලා…..

හලෝ…….

අනුරාධ ….

මල්ෂී…..

අනුරාධ මම ඔයට කිව්වේ සෝමෙ කියන්නේ අපෙ අප්පචිගෙ මිනිහෙක්…

ඇත්ත නම සිසිල්.

හුස්මක් නොගෙන එක දිගටම මල්ෂී කියන කතාවේ තෙරුම කුමක් දැයි අනුරාධ කල්පනා කලේය.

ඉතින්???

ඔයා ඔය ලඟ තියාගෙන ඉන්නේ සෝමේ අයියගෙ ෆෝන් එක නෙද? අපේ අප්පච්චි කොයි වෙලාවක හරි කතා කරයි ඔයාට…

අනේ අනුරාධ ආන්සර් කරන්න එපා.

හොහොම උනත් අප්පච්චි කට්ටිය යවයි හොස්පිටල් එකට.
හ්ම්ම් ඒකත් එහෙමද?

ඔයා පරිස්සමින් ඉන්න මල්ෂි…. මම සෙවිල්ලෙන් ඉන්නම්.

බුදුසරනයි. පරිස්සමින් ඉන්න.

ඇමතුම විසන්දි කල අනුරධ නැවතත් අතරමන් උන අතීතයේ සෝමෙ අයියා නරක මිනිහෙක් වෙන්න පුලුවන්ද?

මට මෙච්චර උදවු කලේ මොනවා බලාපොරොත්තුවෙන්ද? මට කොච්චර සල්ලි දීලා තියෙනවද?

අනේ මන්දා….

මල්ෂීට කරදරයක් වෙයිද දන්නෙ නෑ……

දීර්ඝ සුසුමක් හෙලු අනුරාධ තම හිතේ බර නිදහස් කරගැනීමට සිතුවද එයින් සිදුවූයෙ තව තවත් හිත රිදුම් දීම පමනකි.

මිනිහෙක්ගේ වාසගම දෙමල උනු නිසාම  මේ ලංකාව ඇතුලෙ කොච්චරනම් කෙනෙහිලි කම් වලට මට මූන දෙන්න උනාද?

හ්ම්ම්….

සෝමෙ අයියට කොහොමද දන්නේ නෑ.. දැන් ඉතින් හොස්පිටල් එකට ගිහින් බලන එකත් භයානකයි.මල්ෂි කිව්වා වගේම මල්ෂිලගෙ අප්පච්චිගෙ මිනිස්සු ඇති හොස්පිටල් එක වටේම…

මල්ෂීට සනසුම් සුසුමක් හෙලුනේ ඉබේටමය..

ඇමතුම විසන්දිවී ගිය පසු දුරකතනය ටීපො එක උඩට විසිකර දැමූ ඇය යලි හැරුනේ ජිනදස වෙතය…

හ්ම්ම් ජිනදස..

සිසිල් ෆෝන් එක අනුරාධට දීලා ගිහින්..

ඉතින් පුංචි නෝන කිව්වද පරිස්සම් වෙන්න කියල ?

ඔව්

අපේ අප්පච්චිගේ ජරා දේශ්පාලනේ…… එයා හිතන් ඉන්නෙ එයාගෙ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියලා. ආදරේ කියන වචනේ ගැනවත් හැඟීමක් තියෙන මනුස්සයෙක් නෙවෙයි..

ජිනදාස

පුංචි නෝනා?

මේ සිසිල් ගෙ නම්බර් එක මගෙ ෆෝන් එකට ආවෙ කොහොමද?

ඒක දිග කතාවක් නෝනා….

මේ ඔක්කොම මහත්තයගෙ වැඩ …

අමුතු කතාවේ 13 කොටස ලිව්වේ
උපේක්ෂා ප්‍රේමතිලක

6 comments:

  1. 14 කොටස ලියන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒබව අත උස්සලා කොමෙන්ටුවක් දාලා යන්න..! පරක්කු උනාට සමාව භාජනයට..!! :)

    ReplyDelete
  2. අනේ මන්දා මේදාපාර කොටස නිකන් ජුන්ඩයි වගේ .

    ReplyDelete
  3. @ලිෂා: 14 මම ලිව්වෝ.උඹට එව්වෝ

    ReplyDelete
  4. එලකිරි සිරා සි‍රා... මේ පාර කොටස ජුන්ඩයි නම් දිග කොටසක් ලියපංකො රොකියො.. අපි බැළුවෙ අළුත් අයව එකතු කරගන්න...

    ReplyDelete
  5. මුචා ලියපු අමුතු කතාවේ 14 වැනි කොටස මැයි 10 වැනි සඳුදා බලාපොරොත්තුවන්න.

    ReplyDelete