"හලෝ"
තමරීට සිය දෙසවන් අදහාගත නොහැකිවිය. පුරා සය වසකටත් වඩා ඇසුන පසුගිය අවුරුද්ද මුළුල්ලේම නෑසුන ඒ හඞ දහසක් අතුරින් වෙන්ව හඳුනාගත හැකිවූ ඒ හඬ, මින් දිනකට පෙර නැවත ඇසුන ඒ හඬ.
"අනුරාධ"
"මල්ෂී"
විනාඩියක් මල්ෂීත් අනුරාධත් නිහඞව ඉන්න ඇති. ඒ අවුරුද්ද තුල සිතේ සැඟවුන සිතිව්ලි හුදකලාව මුදාහැරීමට ඇති අකමැත්ත නිසා වන්නට ඇත. පෙරදින අනුරාධ හමුවීම කෙතරම් නුපුරුදු නුහුරු ලෙස සිදුවුනිද? එහෙත් නිහඬව ගතවී ගිය ඒ විනාඩිය තුල ආලය නැවතත් අනුරාධ හා මල්ෂිකා සොයා පැමිණ තිබුනි. ඒ මිනිත්තුව තුල කිසිවක් සිදුනොවුනද බොහෝ දෑ සිදුවී තිබුනි......
"කොහොමද දැන් සෝමෙ අයියට"
සෝමෙ අයියා ගැන තමා දන්නා සත්‍යය මින් පෙර අනුරාධට පවසා තිබුනද අනුරාධ එය කනකට නොගත්තේ තමා ගැන නොසැලකීමක් නොව අනුරාධ එය පිලිගැනීමට මැලි වූ නිසා බව තමරී හොඳාකාරවම දැන සිටියාය.
"සෝමෙ අයියාට අමාරුයි වගේ දන්න කවුරුත් කියන්නත් නෑ මල්ෂි මම කරකියාගන්න දෙයක් නැතුව ඉන්නෙ"
සැබවින්ම අනුරාධ අසරණවී සිටියේය. සිය ලඟම හා එකම නෑයා මෙසේ එක්තැන් වීම යන ශෝකයෙන් හා අසරණකමෙන් සැබවින්ම අනුරාධව අඩපණ කොට තිබුනි.
"මමත් පුළුවන් දෙයක් කරන්නම් අනූ..... බුදුසරණයි"
කියන්නට දහසක් දේ සිත තුල තෙරපුනද අනුරාධගේ මුවින් පිටවූයේ "බුදුසරණයි " කියන වචන දෙක පමණි.
අනික් කිසිම සරණක් නැතිවුනාම මිනිස්සුන්ට මතක් වෙන්නෙ දෙයියොන්වයි බුදුන්වයි හරිම විහිළුවක්.......
අනුරාධ ජංගම දුරකථනය කොට්ටෙ යටට දාලා සුසුමක් හෙලලා ඇඳේ වැතිරුනේ සෝමෙ අයියා ගැන කල්පනා කරන ගමන්. අනුරාධට සෝමෙ අයියා ගැන තමරි කලින් කියපු කතාවක් මතක් වුනා.
"සෝමෙ කියන්නෙ අපේ අප්පච්චිගෙ ම්නිහෙක් අනුරාධ"
අනුරාධ ඒක එවෙලේ පිලිගත්තා වගේ හිටියත් හිත ඇතුලින් අනුරාධ ඒක පිලිගන්න සූදානමක් තිබුනේ නෑ. ඒ සමහරවිට ගෙවාගන්න බැරි තරම් අනුරාධ සෝමදාසට ණය වෙලා තිබුන හින්දද නැත්නම් සෝමෙ අයියට හිතේ තිබුන ලෙන්ගතුකම හින්දද කියලා කියන්න බැරි තරමට අනුරාධ සෝමෙ අයියට ලං වෙලා හිටියා. ඒකට තවත් හේතුවක් විදිහට සෝමදාස කියන චරිතෙ අස්සෙ හැංගුන අනුරාධ දැකපු මනුස්සකම කිව්වොත් වැරැද්දක් නැතිවෙයි. එක දවසක් කඩේ කැෂියර් ඉන්න පැට්‍රික් අයියගේ අම්මා අසනීපෙන් ඉන්නකොට තනියම ඉස්පිරිතාලෙ ඉඳන් පැට්‍රික් එනකම් අම්මාව බලාගත්ත හැටි. එකපාරක් අනුරාධට මැලේරියාව හැදිලා ඉන්නකොට දවස් ගාණක් ඉස්පිරිතාලෙ තනිරැක්ක හැටි.
"මේ මනුස්සයා අනුන්ට කර කර හිටියා මිසක් තමන්ට කියලා දෙයක් කරගෙන තියෙන එකක්යැ.. බෙන්ලි බයිසිකලයත් මේ ලෑලි ගෙයත් ඇරෙන්න ඇරුණාම වෙන වස්තුවක් තියෙනවද කියලවත් දන්නෙ නෑ"
එක දවසක් අනුරාධ සෝමෙ අයියාගෙන්
"සෝමෙ අයිය කවුද ? මෙකද්ද තනියම කරන්නෙ" කියලා අහපු හැටි මතක්වුනා.
සෝමෙ අයියා යන්තම් සිනාවෙමින් "උඹට මම සෝමදාස කියලා දැනගත්තාම මදිද?"
"මෙහේ මම කරන්නෙ උඹ දන්න ටිකම තමා බං"
"ජීවිතේ තියෙන්නෙ ජීවත් වෙන්න මිසක් මැරෙන්න ඕනි තැනක් නෙමෙයි බං. උඹ මෙහෙම හිතපන් මම ජීවත් වෙන්න හදන මිනිහෙක් මට ඕනි අනික් එවුනුත් ජීවත් වෙනවා දකින්න ඔන්න ඕක දකින්න බලපන්"
අනුරාධ සිතිවිලි ලෝකයෙන් මෙපිටට ආවේ නැවතත් කොට්ටෙ යට දෙදරන සද්දෙට..
"හලෝ"
අමුතු කතාවේ 12 කොටස ලිව්වේ
මන්දාකිණි
http://mageloekaya.blogspot.com
කතාව නම් සෑහෙන්න රවුම් වෙනවා. මම පරමාදර්ශී චරිතයක් කරලා පටන් ගත්ත සෝමෙ අයියා දුෂ්ඨයෙක් වෙලා.. හෆෝයි.. සිරා සිරා.. කවුද 13 ලියන්නේ...
ReplyDeleteඅමුතු කතාවේ 13වැනි කොටස ලියන්න කැමති කෙනෙක් ඉන්නවානම් ඒ බව අත උස්සලා පහතින් කොමෙන්ටුවක් දාලා යන්න...!!!
ReplyDeleteජයෙන් ජය ම පතනවා..!
මම නම් මේ කොමෙන්ටුව දාන්නෙ 13 ලියන්න නෙමේ.........
ReplyDeleteඅදයි මම මෙතනට ආවේ... ඒත් මේක ඉක්මනට බලන්න බැහැ.. ඔක්කොම කොටස් ටික බලන්න වෙනවා.. පුළුවන් විදියට ඉවර කරන්න ඕනි ඉක්මනටම... ඊට පස්සෙ මොනා හරි බලමුකෝ...