දෑතේ ම නිය එකිනෙක වද්දමින් තමරී සෝපාවේ සිටියේ කල්පනා කාරීවය. හෝටලයේ සිට තම නවාතැන බලා එත්දී අනුරාධව මුණගැසුනේත්, නිමේෂයකට පසු තුවාල වූ සෝමේ ව දකින්න ලැබීමත් නිසා තරුණිය තිගැස්සී සිටියා ය. සැබෙවින් ම ඈ තැතිගෙන සිටියා කිවහොත් නිවැරදි ය. මකුලු දැල ක ට හසුවූ සමනලියක බඳු වූ මේ තරුණිය තම ජීවිතයට ඉතා සමීප සම්බන්ධතා පවත්වන අයව පවා මේ දැලේ ගොදුරු බවට පත් කරන්නට සිදු වූයේ එසේ නොකලා නම් තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවන්නට වන බැවිනි.
ටීපෝව මත වූ සිය ජංගම දුරකතනය ගෙන යතුරු කිහිපයක් එබූ ඈ ඇමතුම සම්බන්ධ වන තුරු සිටියා ය.
“හලෝ...,
ජිනදාස ද?
අප්පච්චි ඉන්නවද ඔතන ?
නෑ..? ඇයි කොහේ ගිහිල්ලද...?
හරි...!,
තව ටිකකින් ආවොත් මට කෝල් එකක් දෙන්න කියන්න මතක් කරලා හරිද...?”
විනාඩියක් ගෙවෙන්නටත් පෙර තමරීගේ දුරකතනය රැව් දෙන්නට වූයේ ඇයට වෙනදෙයක් ගැන සිතන්නට වත් ඉඩක් නොතබා ය.
“හලෝ...?
හලෝ දුව.., මේ අප්පච්චී...?
ඇයි කතාකලේ...?
මතකද අප්පච්චී මගේ අනුරාධ ගැන හොයන්න කියලා බාරදුන්න ස්ටෝරු වත්තේ මිනිහෙක්ට...?
ඉතිං...?
ඉතිං කියන්නේ අන්න ඒ මිනිහා දැං ටිකකට කලින් ඉස්පිරිතාලේ අරං ගියා...?
තමුසේ කොහෙද ඒ වෙලාවේ හිටියේ...?”
තම මංත්‍රී පියා ඔහුගේ යටත් වැසියට කරන අණකෙරීම තමාටද කරන්නට එන බැව් දැනගත් තමරී ට ඒ බව ඉවසුම් නොදෙන්නට විය.
“මේ අප්පච්චී.., ඔයාගේ ඔය කටු ලෙවකන බල්ලන්ට දාන පාට් මට දාන්න එපා හරිද? මම ඒවෙලාවේ අනුත්තරාගේ අක්කාගේ වෙඩින් එකට උදවු කරන්න ගිහින් අපාර්ට්මන්ට් එකට එන ගමන්. මම බ්ලොක් එකේදී තමා දැක්කේ කාර් එකක ඒ යකාව දාගෙන යනවා.”
හැමවිටම සිද්ධිය ගැන කීමේදී අනුරාධ ගැන වදනක් හෝ මුවින් පිට නොවන්නට තමරී වග බලා ගත්තා ය...!!! ඒ තමා ඔහු ගැන කියන හැමවිටකම අප්පච්චී දන්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කිපෙන බැවිනි.
“හ්ම්ම් ඒකත් එහෙමද...?”
අප්පච්චී සුසුමක් ලන හඬ ඒහා අන්තයෙන් තමරී ට ඇසිනි.
“මම හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන් දුව ඔයා ඒක කවදා හරි තෙරුම් ගනීවි.”
ඇමතුම විසන්දි වීමේදී ඇසෙන ශබ්දය තමරී එයට උත්තර දෙන්නට ප්‍රථමයෙන් ඇසෙන්නට වූ නිසා යුවතිය නැවත තම දුරකතනය ටීපෝව මතින් තැබුවා ය.
“අප්පච්චී මාව රකින්න මේ හැමදේම කලේ කියන එක මම කොහොමද විශ්වාස කරන්න්නේ...?
එයාකරලා තියෙන හැම දහදුරා වැඩක් ම මම වෙනුවෙන් කරපු එව්වද...?
එතකොට මේ සේරට ම මුල මමද...?”
මගින් මිලදී ගත් කෑම පැකට්ටුව මයික්‍රෝවේව් උදුනට රත්වෙන්නට දමා තමරී.., කලින් සාදාගත් කෝපි කෝප්පය තොලගාන්නට පටන් ගත්තා ය.
කිසිවෙකු තම දොර අභියස සිටින වග දැන ගත් තමරී කවුද කියා බැලීමට විමසුම් කවුලුවෙන් බලන්නටත් පෙර අමුත්තා දොරට තට්ටු කරන්නට විය.
ටක්..ටක්..ටක්...! ටක්..ටක්..ටක්...!
කවුද ඔතන...?
තමරී ඇසුවේ තිගැස්මෙනි...!
පුංචි නෝනා.., මේ මම…, දොර අරින්න...!
දොර පිටුපසින් ඇසුන කෙඳුරුම් හඬ කගේදැයි හඳුනා ගත් තමරී දොරේ අගුලු නිදහස් කලා ය..!
ජිනදාස...?
මොකද මේ මහ රෑ...?
පුංචි නෝනා ලොකු මහත්තයාට කතා කරනවෙලාවේ මම හිටියේ ඒ ළඟ...!
ඉතිං ඒක කියන්නත් දෙයක් යැයි ජින්දාස ඒක කොහොමත් එහෙමනේ...?
තමගෙත් තම පියාගෙත් විශ්වාසවන්ත ම සේවකයා මේ රෑ මෙසේ කරදර කිරීම ගැන තමරී ගේ සිතේ ඇතිවුනේ තරහාවකි.
මම ආවේ ලොකු දෙයක් කියලා යන්න..!
මොකද්ද ජිනදාස..?
ඉක්මනට මෙහෙන් චුත වෙලා යන්න නෝනා. පුංචි නෝනා වැටෙන්න යන්නේ ලොකු කරදරේක..!
කරදරේක...? මම..? ඒ මොකද...?
කෝ පුංචිනෝනගේ පෝන් එක...?
ආ මේ තියෙන්නේ...?
බලන්න ඕකේ සිසිල් [Sisil] කියලා නමක් එක්ක නොම්මරයක් තියෙනවද කියලා...?
තරුණිය තමා අත වූ දුරකතනයේ නොම්මර පරික්ෂා කරන්න වූයේ වෙවුලන ඇඟිලි තුඩිනි. වෙන්නට යන දේ කුමක් නමුත් එය ඉතා භයානක බැව් ඈ හට ඉවෙන් මෙන් දැනෙන්නට විය.
ආ... මේ තියෙන්නේ...?
ඔය ..., ඔය තමා..., පුංචිනෝනා මේ හැම කරදරයක ට ම මුල...
ඔය සිසිල් කියන්නේ අර පුංචි නෝනා කියපු සෝමේ ම තමා..
මොනවා..? ඒත් ඉතිං මේ නොම්මරේ කොහොමද මගේ ෆෝන් එකට ආවේ...?
ඒක දිග කතාවක් පුංචි නෝනා..,
ඔක්කොට ම කලින් ඔය නොම්මරේට කෝල් එකක් ගන්න.., මම හිතන්නේ මම දන්නව ඔය පෝන් එක දැං කා ගාවද තියෙන්නේ කියලා.
වෙවුලන දෑතින් තරුණිය ඇමතුම සක්‍රීය කලාය..,
දෙවරක් වැදුන දුරකතනය අවසන සන්ධි වින..,
හලෝ.....?
අමුතු කතාවේ 11 කොටස ලිව්වේ
පිස්සා
http://pissa-pissublog.blogspot.com
11 කොටස පල කරන්න පරක්කු උනාට පොඩිත්තක් සමාවෙන්න. ඊට හේතුව සඳුන් , මම , ආගන්තුකයා අපි මේ දිනවල ටිකක් කාර්‍ය බහුල වීම. ඉතින් පිස්සා මේ කොටස එවල තිබ්බේ ගිය සිකුරාදා. අද තමා දාන්නට ඉඩක් ලැබුනේ...!
ReplyDelete12 කොටස ලියන්න කැමති කවුරුන් හෝ ඉන්නවා නම් පහත කොමෙන‍්ටුවක් දාලා යන්න.
ජයෙන ජය...!
අහ්.. ඔය ලියලා තියෙන්නේ පිස්සා ගානට.(ඌ කිව්වා, ලිශාන් තමා තුන්කාලක් ලියන්නේ කියලා)
ReplyDeleteහපොයි මට නම් දැන් හිතා ගන්නවත් බෑ මොනවා වේවිද කියලා, ඉස්සරහට.මේක මහා අමුතුම අමුතු කතාවක් වෙලානේ....
ඊලඟ කොටසත් ඉක්මනට දාන්න..
මම ලියන්නද ලිෂාන් අයියෙ.. හැබැයි කට්ටිය තරම් හොඳට ලියන්න බැරිවෙයි...
ReplyDeleteඑහෙනං 12 වෙනි කොටස ලියන්නේ මන්දාකිණි සහෝදරී...! එල එල..!
ReplyDeleteමා තව කොටසක් ලියන්නට කැමතියි. ඒත් කතාව දැන් දැඩි ලෙස ව්‍යාකූලයි. කවුරුන් හෝ පිංවතකු මුල පටන් කතාව සාරාංශ කරන්නේනම් මැනැවි. ඒ බැරිනම් අඩුම තරමින් චරිත ටික පසෙකින් හඳුන්නා දෙන්න කෙටියෙන්. පාඨකයින්ටත් මහත් පිටිවහලක්.
ReplyDeleteමට දැන් සෑහෙන්න බොන්න වෙයි වගේ, කතාව හෙණට හරියට LOST රූපවාහිනි කතාව වගේ! =D
ReplyDeleteනියමයි... 10 කියවලා මම හොල්මන් වෙලා හිටියේ.. පිස්සා නියමෙටම වැඩේ කරලා තියනවා..!!!! 12 කොටසට මණ්දාකිණි ඉන්න නිසා මම වෙන කොටසකදි නැතව සම්බන්ධ වෙන්නම්..
ReplyDeleteහැමෝන්ටම ස්තූතියි.. මම දැනුයි මේ කමෙන්ට්ස් දැක්කේ..
ReplyDelete@ මලියෝ & ටැබූ, ඊලඟ කොටස් ලියන්න එකතු වෙන්නකෝ..