මල්ලී මල්ලී නැගිටින්න..,
මොකෝ මේ බංකුව උඩට වෙලා.., අන්න දොස්තර මහත්තයා හොයනවා ලෙඩාව බාරදුන්න කෙනාව.
මම කවුන්ටරය වෙත දිවගියෙමි.
ඔව් ලෙඩෙක්ව අරං ආවද...?
නෑ මිස්. දැං ටිකකට ඉස්සර වෙලා ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක්ගේ භාර කාරයෙක් ව හෙව්වද?
ආහ් ඔව්
දොස්තර සමරනායක ව දැක්කද..?
කවුන්ටරයේ සිටි මහජන සබඳතා නිලධාරිණිය ඇසුවේ කවුන්ටරය ළඟින් තම රාත්‍රී වැඩමුරය අවසන් කරමින් නිවෙස බලා යන රෝහල් සහයකයෙකු ගෙනි.
අන්න දෙකේ වාට්ටුවට ගියා.
යන්න....දකුණු පැත්තේ දෙවෙනි වාට්ටුව..,
ඈ අතින් සන් කරමින් මාහට පැවසීය.
මා යනවිටත් දොස්තර මහතා සිටියේ ලෙඩෙකු පරික්ෂා කරමිනි.
ඩොක්ටර් අර...,
එකේ වාට්ටුවට අරන් ආපු ලෙඩාගේ භාරකාරයා ඔයාද?
දොස්තර ඇසුවේ හිසවත් නොඋස්සා ය.
ඔව්...?
ලෙඩාගේ තත්ත්වය පොඩ්ඩක් දරුණුයි වගේ පුතා.
ඩොක්ටර්...?
ඔව් පුතා ඔලුව බිම වැදුනු පාරට skull [හිස්කබල] එක පුලුරලා. මොලේට ලේ බැහැලා..., ලෙඩාට සිහිය එතරම් නෑ වගේ. අසිහියෙන් කියවනවා.., බයවෙන්න එපා අපි පුලුවන් උපරිමය කරනවා.
මා සිටියේ නිර්වින්දනය වූ ලෙසිනි.
පුතා..., හෙට අපි ලෙඩාව ඔපරේට් කරනවා. එතකං ඔයා මෙහෙ ඉඳලා තේරුමක් නෑ. ගෙදර ගිහින් පවුලේ අයට මේ විස්තර කියලා ඒ අයව හෙට එක්කගෙන එන්න.
තත්ත්වය හිතුවට වඩා භයානක වී ඇත. ගුණසේන එකේ වැඩට ගිය දා පටන සෝමෙ අයියගෙ බංගලාව වූ ස්ටෝරුව වත්තෙ පහේ පේළියෙ තුන්වන ලෑලි ගෙදර අපදෙදෙනාට සෙවන විය. කාමරයට ම සිටියේ අප දෙදෙනා පමණය. අප දෙදෙනාට සිටින එකම නෑයෝ වූයේ අපදෙදෙනා පමණය.
ඉදින් සෝමේ අයියගේ කියා නෑයෙකුට කියා මම කියන්නේ කා හටද..?
ඩොක්ටර්..?
ඔව් පුතා...මොකද්ද ප්‍රශ්නේ..?
සර් නෑයෙකුට , යාලුවෙකුට කියා සෝමේ අයියාට ඉන්න මම ම තමා...?
හ්ම්..! කමක් නෑ. ඔය ගෙදර යන්න. හෙට ඇවිත් පේෂන්ට් ගේ පේපර්ස් වලට සයින් කරන්න...!
මොනවා හරි ප්‍රෂ්ණයක් තියේ නම් මට කියන්න ඕකේ..?
හා සර්...!
සර්..?
ඔව් පුතා..?
මට ලෙඩාව බලන්න යන්න පුලුවන්ද...?
ගියාට කමක් නෑ..? ලෙඩා එක්ක කතාකරලා එයාව මහන්සි කරවන්න එහෙම එපා හරී...?
එහෙමයි..!
දොස්තර හෙද සහයක සමඟින් මා පසුකර ගිය විට මම එකේ වාට්ටුවට යන්න හැරුනෙමි… සෝමේ අයිය හිටි දහයේ ඇඳ දැල් දෙකකින් වටකර ඇත..., ඒ ලේඩා ඇඳෙන් නොවැටෙනු පිණිස බව මට බැලූ සැනින් අවබෝධ විය.
මම සයනය අසලට ගියෙමි.
මීට පෑ දෙකකට පෙර මා හා කතා කරමින් ආ සෝමේ අයියා දැන් සිටියේ සයන ගතව සිහි මඳව ය. බෙහෙත් නිසා දුඹුරු පැහැ ගැන් වූ වෙලුම් පටි මුහුණට ගෙන ආවේ අවිහිංසක පෙණුමකි. සිහි මඳව දැලට තට්ටු කරමින් සිටින මේ සද්දන්තයා දුටුවිට මට ඇති වූයේ කියා ගත් නොහැකි තරම් ශෝකයකි.
අසිහියෙන් සිටින මේ මිනිසාව වෙහෙස කර මාව හඳුනනවාදැයි අසන්නට මට හිත් දුන්නේ නැත මම ආපසු හැරුනෙමි.
බෝඩිමට එනවිට පාන්දර දෙක පමණ වූ නමුත් ඒවන විටත් අසාර්ගේ කාමරයේ පහන් දැල්වී තිබුණ නිසා මම ආවේ හඬක් නොනැගෙන පරිදිය. පාල තිබූ වතුර බේසමෙන් මුව දොවාගත් මා සෝමේ අයියාගේ ඇඳෙන් ඉඳ ගත්තේ යට තිබෙන ඇඳුම් පෙට්ටියේ ඔහුගේ නෑයෙකු ගැන කිනම් හෝ හෝඩුවාවක් ඇති දැයි සොයනු සැකයෙනි. ඉවත දමන ලද ට්‍රන්ක පෙට්ටියක් වූ එය ඇඳ උඩට ගත්තේ අසීරුවෙනි. පිළිවෙලට ඇඳුම් අඩුක්කර තිබූ පෙට්ටියේ ඇඳුම් සියල්ල ඉවත් කලත් කිසිවක් සොයාගත නොහැකි වූ නිසා වසන්නට යත්දී පලේකාට්ටු සරමක් අස්සෙන් වැටුනේ පොඩි පොතකි. එය දිනපොතක් විය. දින නැති දින පොතක් කිව්වොත් නිවැරදි ය.
වෙව්ලන වෙද අකුරින් ලියූ කුරුමිණි අකුරු කියවීම පමණක් නොව සිතීමද උගහට ය. නෑයෙකු හොයන්නට ඇති අවැසි බව කම්මැලි කමට වඩා විසල් වූ නිසා අවසන මම කෙසේ හෝ කියවන්නට පටන් ගතිමි. පිටු කිහිපයක් කියෙව්වත් වැදගත් යමක් නොවූ නිසා පොත වහන්නට උත්සහ කරන විටම නෙත ගැටුනේ රතු පාටින් ලියන ලද කොටසක් වෙතය.
3-10 හවස 4.30ට මන්ත්‍රී තුමා.
බැරිනම් කෝල් කරන්න මේ නොම්මරේට...,
පහත වූ නොම්මරය මගේ ඇස ට හුරුපුරුදු නොම්මරයක් විය.
දෑස මටත් හොරා මගේ අත දිහාට නැඹුරු වූයේ ඉබේටම ය..,
3......5......7......5.....4......6...?
දෙයියනේ මේ තමරී දුන්න නොම්මරේ නේද…..?
එතකොට ත.....?
හිතන්නට අවකාශයක් ලැබුනේ නැත.., කල්පනා ලොව දෙපලු කරමින් සෝමේ අයියාගේ ඇඳේ ඉහ කොට්ටය අස්සෙන් බොල් හඬින් රැව් දෙන්නේ දුරකතනයකි....!
ක්‍රීං.... ක්‍රීං...!
මම අතට ගෙන ඇමතුම සන්ධි කලෙමි..!
හලෝ...?
අමුතු කතාවේ 10 කොටස ලිව්වේ
Lishan Puwakowita
http://lishwish.blogspot.com
http://rasthiyadukatha.blogspot.com
http://l15h4n.blogspot.com
මටත් හිතෙනවා ලියන්න. සබ් දැමිල්ලෙ වැඩේ ඉවර කරලා මමත් ලියන්නම් කොටසක්. නියම කතාව, වැඩේට සම්මාදම් වෙලා කරගෙන යන කට්ටියටම ස්තූතියි.
ReplyDeleteදැන්වත් පිස්සට නින්ද යයි. -:හිනා... නියමයි ලිෂාන් හැමදාම ව ෙග් අළුත් පටන් ගැන්මකට ඉඩතියලා..
ReplyDeleteඑකම කෙනෙක් ලියද්දි වගේ නෙමේ මෙහෙම ලියද්දි කතාව ඊළඟට යන දිශාව හිතාගන්නවත් බෑ. හොඳ සාමූහික ප්‍රයත්නයක් යාළුවනේ.
ReplyDeleteඒයි දසයෝ උඹත් වරෙංකෝ, කොටසක් ලියන්න..
ReplyDeleteඅපි උඹව සාදරයෙන් පිලිගන්නවා...
දසයා විතරක් නෙමෙයි, කතාව ලියන්න කැමති හැමෝම මේකට එන්නකෝ..
amuthu-kathawak@googlegroups.com
@ ආගන්තුකයා- ඔව්,ඔව්,, මට අද ඔන්න නින්ද යයි.. හෙ හේ..
මම කැමතියි ඊලඟ කතාව ඉක්මනටම දානවා නම්..
@ ලිශ්- ඒයි දුෂ්ඨයා, කතාව නම් එළ..
හත්දෙයියනේ මොනවා මොනවා වෙයිද කියා හිතා ගන්න බෑ දැන් නම්!!!
ReplyDeleteමෙකේ මුල් කොටස කියවනකොටම මම නම් හිතා ගත්තා ලියන්න ඇත්තේ ළිශ් වෙන්න ම ඕන කියලා . . බලපන් උඹ කොච්චර සිරාවට උබේම ස්ටයිල් එකක් හදාගෙන තියෙනවද කියලා . .. නියමෙට ලියල තියෙනව . . කුතුහලය පිරෙන්නම. . .එලම එල
ReplyDeleteමේ කොටස නම් සිරාම සිරා ඈ..!!
ReplyDeleteඊලගට මොකෝ වෙන්නේ කියලා නම් මට හාන්කවිස්සියක් හිතා ගන්න බෑ,..
මේ ගඟ...
ReplyDeleteගලන්නේ....
ඊලඟට
කොතැනටද....
කවුරුවත් ඊලඟ කොටස ලියන්න බාර ගන්නේ නෑනේ..
ReplyDeleteපිස්සා ඉතිං ඊලඟ කොටස ලියන්නම් ..
මක් කොරන්නද නැත්නම් ඉතිං.. හ්ම්....
මේකෙ background එක කළු නිසා සුදු පාටින් පොස්ට් එක දැම්මොත් හොදයි නේද? කියවන්න අමාරුයි වගේ...
ReplyDelete