Friday, November 6, 2009

අමුතු කතාවක්. 4 කොටස

අමරදේවයන් මේ මුමුණන කෙඳිරිලි සංගීතය මගේ හදවත පුළුස්සන්නේ ලෝදියෙන් උණුකළ ඊයම් වක් කරනවා මෙනි. ලෝකයාගෙන් අපහාස නින්දා විදී මගේ ජිවිතයට සිනාවෙන්නට එක්වරක් හෝ වරමක් ලබාදුන්නේ ඒ අතීත මතක සටහනයි. තමරි මල්ෂිකා නම් වූ ඇයව මට අහම්බෙන් මුණ ගැසුණේ නුවර ගුණසේන පොත් සැලෙනි.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ විගස ලයනල්ගෙන් ඉල්ලා ගත් කළු කලිසමෙනුත් බැජ් එක ගැලවූ පාසැල් සුදු කමිසයෙනුත් දෙහි කැබැල්ලෙන් පිහි දැමූ දුවිලි වැදුණු කාකි සපත්තු වලිනුත් සැරසී ගුණසේන පොත් සැලේ කවුන්ටරය ළඟට වී මගේ කුළුදුල් සම්මුඛ සාකච්ජාව සඳහා වාරය එනතුරු සිතේ තිබූ නොසන්සුන් බව නිසා ළඟ තිබූ එක්සයිස් පොත් රාක්කයක පොත් පිළිවෙලකට සකසමින් සිටියදී හදිසියේම අහම්බෙන් මගේ ඇඟේ පිටුපස හැප්පුණු ඇය ආපහු හැරී “සොරී සොරී” යැයි කියා අතේ තිබූ කොල කැබැල්ල පෙන්වමින් කරුණාසේනගේ “මව හා දුව” පොත තිබේදැයි මගෙන් ඇසු හැටි සිහිවීමෙන් දැනුදු මගේ මුවට සිනාවක් නැගෙයි. එවෙලේ මා කරමින් සිටි දෙය නිසා මා එහි සේවකයෙක් යැයි ඇය සිතන්නට ඇත. ඇයගේ අත්වැරද්ද නිවැරදි කරනවා වෙනුවට

“ඔව් මැඩම්, ඒත් ඒක මෙතන නෙමේ තියෙන්නේ.. මැඩම්ට ඕන නම් මං ගෙනැත් දෙන්නද?”

කියා කියැවුණේ ඇයගේ රූ අසිරිය නිසාද නැතහොත් හිතේ දෙගිඩියාව නිසාවෙන්දැයි මට මතක නැත. පුස්තකාලයේ එතරම් සුදුසු පොත් නොතිබුණු බැවින්, මා විභාගයට ඉගෙනුම ලබනා කාලය තුළ බොහෝ අවස්ථාවල් වලදී පොත් සැල්වල රාක්කයන් අස්සේ කෙටිකතා හෝ විෂය කරුණු හා විචාරයන් සම්බන්ධ පොත් හෝ සොයමින් කියවන්නට පුරුදු වී සිටි නිසා පොත් සැල් වල බොහෝ පොත් තිබෙන තැන් මට හොඳට මතක තිබුණි.

මට ඇයව පසුව හමු වුණේ පන්සලේ කඨින පින්කමට පාසැලෙන් දාන දෙන්නට නියමිතව ඊට සහභාගි වු අවස්ථාවේදීය. එතැන් සිට ගොඩ නැගුනු මිත්‍රත්වයත් එහි අතුරුඵලයක් ලෙස ඇතිවූ සම්බන්ධතාවයත් මා කිසි කලෙක අපේකෂා නොකළ දෙයකි. ඉතිහාසයේ සිදුවූ දේවල් නැවත වාතාවක් සිදුවන බව කොහේදෝ රැලියක මා අසා තිබුනෙමි. එහි අරුත මට නොවැටහුනත් එහි කියැවෙන්නාක්මෙන් මාගේ දෙමව්පියන්ගේ ඒ ඉතිහාසය මටත් සිදු වෙන්නට ගොසින් වැලැක්වුණේ අවසානයේ මට බිඳුණු හදවතකුත් වේදනාවකුත් සමඟින් උන්හිටි තැනුත් අහිමි කරවමිනි.

“ටක්...ටක්...”

“ටක්ටක්ටක් ටකක්...ටක්...”


මා නවාතැන් ගන්නා කාමරය පිහිටි ලෑලි පැල්පතේ හිමිකරු හතික් අසාර් දොරට තට්ටු කරමින්ද කුමක්දෝ කියමින්ද කරන කෝලහාලයෙන් අවුරුදු තුනක් එපිට සිට මම ප්‍රකෘතියට ආවේමි.

“මොකෝ!”

”මේ....පල ගොනෝ, පොලිසිය ගෙවල් චෙක් කොරනවා ආයිත් පලයල්ලා!!”


ඔහුගේ අනතුරු ඇඟවීම කණට වැකෙත්ම වැලේ වනා තිබුණු ඒකම සරමත් ඇදුම් ටිකත් බෑග් එකට දමාගෙන, දොර ඇරගෙන මාස් කුළිය ලෙස මා දුන් මුදලේ ඉතිරි මුදල ලෙස ඔහු අත තිබූ දෙසීයද රැගෙන ඉඟියක් කර පස්සා දොරින් පැනගෙන පොලිසිය හෝ කිසිවෙකු හෝ දකින්නට පෙර නාකපනා වැස්සේ දිව්වෙමි. මා වැඩ කරනා හෝටලයේම වේටරයෙකු ලෙසින් වැඩ කරනා ඔහුගේ නිවසෙන් ඈතට ඈතට දුව ගොසින් ගාළු පාරට අවතීර්ණ වුයෙමි. දවසක් දෙකක් යනතුරු එහි නැවත යාම අනතුරුදායකය. නමුත් මාගේ අතේ ඇත්තේ ඉතුරු දෙසීය පමණි. කොත්මලේ වෙසෙන මාගේ මාමාගේ නිවසට යාමට මුදලකුත් නැත. මේ රාත්‍රියේ හැදුනුම්පතකුත් ළඟ නැතිව එහි යාම තවත් අනතුරුදායකය.

"මන්ත්‍රිවරයෙකුගේ දියණියකට පෙම්කළ වැරද්දෙන් නොකළ වරදකට වන්දි ගෙවමින් ඉබාගාතේ යන ශරීරයක් හා මනසක් එක්ක ගාලුපාරේ පහන් කණුවක් යට හිඳ වට පිට බලන්නට වූයේ හිසට තාවකාලික වහලක් විය හැකි යමක් ඇතිදැයි සොයනු පිණිස ය. සවස වැඩ හැරී නිවෙස් බලායන යකඩ කරත්ත පෙළත්.., බැටරි බලයෙන් තප්පුලන හඬත් මට ඇති කලේ හිස රුදාවකි.

බීප් බීප්...!!!! ක්‍රාස්..!

මා සිටි පහන් කණුව පසු කර නැවැත්වූ රථයේ සිට බැස ආවේ කවුදැයි ඇස් කෙළින් වදිනා ලයිට් එළිය නිසා මඳ වේලාවක් යනතුරු හඳුණා ගැනීමට නොහැකි විය...!

" කෝ...? ගන්නවා බලන්න අයිඩෙන්ටිය..? "

අමුතු කතාවේ 4 කොටස ලිව්වේ
බිன்ku
http://binkulife.blogspot.com/


11 comments:

  1. 4 වෙනි කොටස පල කරන්න ට මේ තරම් වෙලාව ගත්තාට සමාවෙන්න.., අපේ බිன்ku සහෝ ට පාසලේ වැඩ කටයුතු වල අධික බව නිසා ම කතාව පොඩිත්තක් පරක්කු උනා. නමුත් වෙලා තිබෙන සිදුවීම අපි කාටත් අපි කාටත් සමාව දෙන්නට පුලුවන් හේතුවක් නෙව...!

    කුමක් නමුත්.., කතාවේ [5] පහ කොටස ලියන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා අත උස්සලා ඒ බව කියලා කොමෙන්ටුවක් දාලා යන්න...!

    ස්තූතියි ඔබේ වටිනා කාලය ට.. :)

    ReplyDelete
  2. අනේ ..මට මේ බ්ලොග් එක කියවන්න අමාරුයි... අකුරු පොඩිද මන්දා.... පාට 2 ගැලපෙන්නේ නැතුවා වත්ද? පොඩ්ඩක් බලන්න, ලිශාන්..

    ReplyDelete
  3. ලිෂාන්යියා බොහොම ස්තුතියි මා දමන්නට සිටි ක්මෙන්ට්ටුව දැමුවාට. පාසැල් වැඩසේම සිත් නිව්හැල්ලේ කතාව ලියන්නට අවකාශයක් නැතිවීම නිසාවෙන් පරක්කු වුණා තමා, ඒ කාලය තුළ මාව දිරිමත් කළ ඔබටත් සඳුන් අයියාටත් බොහොම ස්තුතියි. කතාවේ පසුකාලයදීත් අපි නැවත හමු වෙතැයි බලාපොරොත්තුවෙන් අනුරාධවන් එක්ක ඉමු.

    පස්වෙනි කොටසත් කලින් කොටස් වගේම අභියෝගයක් වෙවි, මාත් ඒක වින්දා අනිත් අය වගේම. ඒක අමුතු ගතියක් වගේම චිත්න මාලාවට අමුතු ශක්තියක්. :)

    ReplyDelete
  4. මේක නම් එළ වැඩක්

    ReplyDelete
  5. පිස්සු හැදෙනවා . . . මේ ක නම් මාරම වැඩක් . . . කියන්න වචන නෑ මේ වැඩේ අගය ගැන . . . මටත් තව මාසයක් විතර පහු වෙලා කොටසක් ලියන්න අවස්ථාවක් දෙන්න පුලුවන් වෙයිද . . . ???

    ReplyDelete
  6. අලුත් වැඩක් මම මේ බ්ලොග් එක දැක්කෙ නැත්ත ඇයි?
    දැන් ඉතින් පන කඩාගෙන 1 වැනි කොටසෙ ඉඳලම කියවන්න වෙනවනෙ.
    ඔෆිස් එකෙන් ප්‍රින්ටවුට් අරගෙන ගෙදර ගිහින් තමයි කියවන්න වෙන්න.
    නියමයි දිගටම කරගෙන යන්නෙ. වෙලාවක් තිබ්බොත් මමත් ලියන්නම්

    ReplyDelete
  7. ඊළග කොටස ලියන්න දැන කෙනෙක් අත උස්සලද තියෙන්නේ? නැත්තං කියන්න හොදේ.

    ReplyDelete
  8. අමුතු කතාවෙ 5 කොටස ලියන්න බ්ලොග් නොලියන පුද්ගලයෙක් ඉදිරිපත් වුනා. බ්ලොග් නොලියන්නෙක් සම්බන්ධ වෙන්න අහපු එකත් හොඳ කාරණයක්, ඒ වගේම වෙනසකුත් තියේවි. අංකුර ලේඛකයෙක් බ්ලොග් කරණයට ඉදිරි පත් වෙන්න ඉඩක් තියෙන නිසා මේ අවස්ථාව ඔහුට දීම සමහර විට ඔහුගේ හැකියාවට අප ලබා දෙන [+] ධන ලකුණක් වේවි...!
    රැඳී ඉන්න අමුතු කතාව එක්ක...!
    ජය...!
    පිස්සා, මරණේ, දුකා, රොකියා, malee_msg හැමදෙනාට ම කොමෙන්ටු දැමුවට ගොඩක් පිං. ඔව් ඔබ හැම දෙනා ම මේ කතාවේ කොටසක් වෙන්න ට තවමත් පමා නෑ.. අප දන්නවා ඔබ හැම දෙනා ම අමුතු කතාව වටේ ඉන්න විත්තිය..!
    ජයෙන් ජය හැම දෙනා ට ම..!

    ReplyDelete
  9. ko 5 weni kotasa??? . . . api balan innoooooo

    ReplyDelete
  10. බින්කුවා හැරෙව්ව නේද කතාව වෙනස්ම පැත්තකට. හැබයි ඒකත් සිරා.
    මේක ලියන අය විතරයි නෙව කමෙන්ට් දාල තිබුනේ ඔන්න පාඨකයෙක් විදියට දැම්මා :D

    ReplyDelete
  11. හරිම සොඳුරුයි
    ගලන මේ ගඟ...
    කොතන කොයි ලෙස..
    පල්ලමක් වෙද??

    ReplyDelete